Treasure Republic Guardians Limited forwarded its EOI for SriLankan Airlines Divestiture

TRG සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමේ අයදුම්පත්‍රය රජයට ඉදිරිපත් කිරීම සිදු කරන ලදී

PROUD TO BE A SRI LANKAN

ශ්‍රී ලාංකිකයන් වන
අප සහ අපේ රට

වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන පුරාණයේ “සිංහලේ” නම් වූ රාජ්‍යය දූපත් සමූහයක එකතුවකි. අප රට විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 65,610 ක් වන අතර ඩෙන්මාක්, නෙදර්ලන්තය හා ස්විට්සර්ලන්තයට වඩා විශාල රටකි. සාක්ෂරතාවය හා අධ්‍යාපන මට්ටම සැලකූ විට ඉතා ප්‍රශස්ත අගයක පවති. දෙවන සහස්‍රකයේ සිට අප රට ශිෂ්ටාචාරික ලෝක ප්‍රජාව සමග ගනුදෙනු කොට ඇත. ඓතිහාසිකව හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ තොරතුරු වලට අනුව අප, බටහිර ග්‍රීක්වරුන් සමගත්, නැගෙනහිර චීනුන් සමගත් ක්‍රිස්තු පූර්ව 4 වන සියවස පමණ ඈත අතීතයක සිට ගනුදෙනු පවත්වා ඇත. එදා ග්‍රීක්වරුන්ට වර්තමාන ශ්‍රී ලංකාව තැප්‍රොබේන් විය, අරාබිවරුන්ට සෙරෙන්ඩිබ් විය, පෘතුගීසින්ට සෙයිලාවෝ විය, ඕලන්දයින්ට සෙයිලාන් විය, ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ එදා "සිංහලේ" නම් වූ අපේ රටේ නම ඔවුන් උච්චාරණය කළ අයුරුය. ශ්‍රී ලංකාව ලෝක ගෝලයේ පිහිටීම අතින් සුවිශේෂී වන්නේ නැගෙනහිර සහ බටහිර ලෝකය යා කිරීමේදී එහි හරි මැද පිහිටීම නිසා හිමි කර ගන්නා වූ ප්‍රබල භූමිකාව හේතුවෙනි. ශ්‍රී ලංකාව සමකය ආසන්නයේ පිහිටා ඇත. සූර්යාලෝකය ඉතා හොඳින් සමස්ත වසර පුරාම ලැබේ. දේශගුණය සෞම්‍ය ය. අපගේ ස්වාභාවික පරිසරය ද ස්වාභාවික සම්පත් ද විශ්මයජනක ලෙස විවිධත්වයෙන් අනූනය. ශ්‍රී ලංකාව සැබැවින්ම මිහිපිට පාරාදීසයකි.
i/farmet-1.png
කොටස් හිමිකරුවකුවීම සඳහා අයදුම්පත

Treasure Republic Guardians Limited සමාගම ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව රට බේරා ගෙන ගොඩනැඟීම සඳහා අපේක්ෂිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.

INVEST WITH CONFIDENCE

INVESTMENT SECTORS

All Aviation Logistics Agriculture Electronic Automobile
i/img-quote.png
SRI LANKAN ECONOMY

පැරණි ශ්‍රී ලාංකික
වෙළඳපළ ගනුදෙනු

15 වන සියවසේ සිට ලෝකය පුරා හමාගිය වාණිජවාදයට හසුවූ පැරණි සිංහලේ රාජ්‍යය උත්තර් ආරෝපිත නව යටත් විජිත ධනවාදී සමාජයක් බවට පත් ව ඇත. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන්ගේ මගපෙන්වීම යටතේ කුරුඳු, පොල්, තේ ,කෝපි හා රබර් වගාවන්ට යොමු වෙමින් ද, මධ්‍යසාර නිෂ්පාදනය හා රේන්ද හෙවත් බදු (Rent) එකතු කර දීමෙන් ද, බර කරත්ත සේවා ලබා දීමෙන් ද මුදල් රැස්කර ගත් නව සමාජ කණ්ඩායමක් කල එළි බසින්නට විය. ඔවුන් අධිරාජ්‍යයේ හිමිකරුවන් සමග දේශපාලන ගනුදෙනු ආරම්භ කරමින් හාම්පුතුන්ගේ ඇවෑමෙන් තමා වෙත දේශපාලන බලය ලබා ගැනීමේ අරමුණෙන් කටයුතු කළ දීන හීන සමාජ කණ්ඩායමක් විය. මෙය යුරෝපීය රජු හා රදළ පැලැන්තිය සමග නැගී ආ වාණිජ වාදයේ පියවරු විසින් යුරෝපීය රටවල දේශපාලන බලය අත්පත් කරගත් ක්‍රියාවලිය බඳු වූ සමාජ ප්‍රගතිශීලී ක්‍රියාවලියක් නොවීය. අඩුම තරමේ ඉන්දියාවේ සාම්ප්‍රදායික නායකයින්ගෙන් (මහා රජවරු , සමින්දාර් වරු) සමාජ බලය ලබාගත් 1885 දී ආරම්භ වූ ඉන්දීය කොංග්‍රස් ව්‍යාපාරය බදු ප්‍රගතිශීලී එකක් ද නොවීය.
TREASURE REPUBLIC GUARDIANS LIMITED

අප සමඟ අත්වැල් බැඳගන්න

විජාතික රාජ්‍යයක් වෙනුවට ජාතික ධනවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් විදේශ සමාගම් වෙත විකුණා දැමීමට යෝජිත රාජ්‍ය ආයතන පොදු මහජන අරමුදලක් තුළින් ජාතිය සතු කර ගැනීමට අප යෝජනා කරමු. මෙම අරමුණ පූරණය කරගැනීම උදෙසා ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව "Treasure Republic Guardians Limited" (ජනරජ වත්කම් භාරකාර සමාගම) නමින් පොදු මහජන සමාගමක් ඔබට හඳුන්වා දී ඇත.
Visit to Us
33/C/3,
Buthgamuwa Road,
Kotuwegoda, Rajagiriya
Sri Lanka.
Email us
info@trglk.com
Call us
Nayoma  : 071 442 4406
Janaka  : 071 531 1938
bt_bb_google_maps_coverage_image
OUR LATEST NEWS

Blog Posts

TREASURE REPUBLIC GUARDIANS LIMITED අපි ගැන
අපේ අරමුණ ජාතික ධනේශ්වර රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය ධනපති නිෂ්පාදන මාදිලියක් සහ ජාතික ධනපති පන්තියක් නිර්මාණය කිරීමයි. ඊට අවශ්‍ය මූලික මග පෙන්වීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට අවශ්‍ය කරන ගාමක බලවේගය සැපයීම සහ ආනුශංගික ආධාර සහ අනුබල ලබා දීම.
OUR LOCATIONSWhere to find us
i/footer-map-2.png
GET IN TOUCHSocial links
ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.
TREASURE REPUBLIC GUARDIANS LIMITEDඅපි ගැන
OUR LOCATIONSWhere to find us
i/img-footer-map.png
GET IN TOUCHSocial links