සමාගම බිහිවීමට බල පෑ හේතු
යටත් විජිත රාජ්‍යය නැගී සිටියා වූ ජාතික පදනම තේ, පොල්, රබර් සහ බදු ආදායම් කඩා වැටී ඇත. ජාතික අවශ්‍යතා පිරිමසා ලූ යකඩ, ටයර්, සිමෙන්ති, සීනි, කිරි ආදී රාජ්‍ය ආයතන පද්ධතිය විවෘත වෙළඳපොළ විසින් යටත් කොට තිබේ. ජාතියේ ආරක්ෂාවට අදාල විදුලිබල මණ්ඩලය, ඛණිජතෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන පවා විකුණා දැමීමට රාජ්‍ය ණය දෙන ආයතන අපට නියෝග ලබාදී ඇත්තේ තවදුරටත් ණය අවශ්‍ය නම් ඉටු කළ යුතු කොන්දේසි ලෙසටය. ඒවා ඉටු නොකළහොත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට බැරි වටපිටාවක් නිර්මාණය වී ඇත. රාජ්‍ය දියකර හැරීම හැර රාජ්‍ය වියදම් පියවා ගැනීමේ වෙනත් මගක් නැති බව දේශපාලන අධිකාරියෙන් ද පැහැදිලි කෙරේ. මේ දුෂ්කර මොහොතේ මෙරට වැසියන් හැටියට පොදුවේ අපට කුමක් කළ හැකිද ? ජාතික ධනවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් විදේශ සමාගම් වෙත විකුණා දැමෙන රාජ්‍ය ආයතන පද්ධතිය මිලදී ගැනීම සඳහා පොදු මහජන අරමුදලක් නිර්මාණය කොට ජාතිය සතු කර ගමුද ? මේ අරමුණ පූරණය කරගනු සඳහා Treasure Republic Guardians Limited සමාගම ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව රට බේරා ගෙන ගොඩනැඟීම සඳහා අපේක්ෂිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.