විකුණා දැමීමට යන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට මහජන සමාගමක්

October 26, 2023

රජය විසින් විකුණා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය ආයතන මිලදී ගැනීම අරමුණු කරගනිමින් මහජන සමාගමක් ස්ථාපිත කිරීමට යයි.

ශ්‍රී ලංකාවේ සහ විදේශගතව ජීවත්වන දේශජ පුත්‍රයින්ගේ අරමුදලින් ගොඩනැගෙන Treasure Republic Guardians Limited ජනතා පොදු සමාගම එළි දැක්වීම සහ ආරම්භක උත්සවය 2023 ඔක්තොම්බර් මස 27 වැනි (හෙට) දින සවස 3.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙල උරුම පක්ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාටලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක්ද DSI සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයින් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ඇතුළු මහාසංඝ රත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

TREASURE REPUBLIC GUARDIANS LIMITED අපි ගැන
අපේ අරමුණ ජාතික ධනේශ්වර රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය ධනපති නිෂ්පාදන මාදිලියක් සහ ජාතික ධනපති පන්තියක් නිර්මාණය කිරීමයි. ඊට අවශ්‍ය මූලික මග පෙන්වීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට අවශ්‍ය කරන ගාමක බලවේගය සැපයීම සහ ආනුශංගික ආධාර සහ අනුබල ලබා දීම.
OUR LOCATIONSWhere to find us
i/footer-map-2.png
GET IN TOUCHSocial links
ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.
TREASURE REPUBLIC GUARDIANS LIMITEDඅපි ගැන
OUR LOCATIONSWhere to find us
i/img-footer-map.png
GET IN TOUCHSocial links