අපගේ මෙහෙවර සහ දැක්ම

යුරෝපීය වාණිජ වාදයට හසුව ශ්‍රී ලංකාවේ උපන් ප්‍රාග්ධන සමුච්චය උපතේදීම පසුගාමී සමාජ කණ්ඩායම් වෙතින් නිර්මාණය වූවකි. ආසියාතික නිෂ්පාදන මාදිලියක පැවැති ශ්‍රී ලංකාවේ අර්ථ ක්‍රමය වතුවගාව සහ සේවා සැපයීම වැනි මාර්ගවලින් සමාජයේ ලොක්කන් බවට පත් වූ සමාවූ සමාජ කණ්ඩායමක මැදහත්වීමක් තුළ උපන් එකකි. බොහෝ යටත්විජිත වල සිදුවූ ආකාරයටම ශ්‍රී ලංකාවේ ධනේශ්වරය ද ධනපති නිෂ්පාදනයේ විශේෂිත යටත්විජිත ස්වරූපයක් මගින් බිහි වූවකි. එය වනාහි තම සම්භවය හා අඛණ්ඩ පැවැත්ම සඳහා යටත්විජිතවාදී රාජ්‍යයෙන් සැපයුණු ආරක්ෂාව සහ ඉඩ ප්‍රස්ථා මත පදනම් වූ පරාධීන සමාජ කණ්ඩායමක් අධිරාජ්‍යවාදයේ උපාංගයක් ලෙස වර්ධනය වීමකි. කාර්මික ධනවාදයේ වර්ධනය සිදු වූ යුරෝපයේ ධනේශ්වරයේ ස්වභාවය වූ පරිනතභාවය සහ ස්වාධීනත්වය උරුම කොට වැඩුණු එකක් නොවේ. ඉන්දියාවේ දී එය කාර්මික ව්‍යාපාර ආරම්භ කළ ජාතිකවාදී දෘෂ්ටියක් සහිත අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයක් ගත් සමාජ කණ්ඩායමක වැඩීමකි. ඔවුන් සමග අතරමග සමාදානයකින් නොනැවතුණු ජාතික දැක්මක් සහිත සැබෑ අධිරාජ්‍ය විරෝධී ජාතික නිදහස් ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ ධනේශ්වරය යටත් විජිත පාලකයන්ට එදිරිවාදිකමක් පෙන්නුම් කළ එකක් නොවේ.

i/about-shape-2.png

ඉතාම සීමිත තමාට වාසි අත්වෙන ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණවලින් සෑහීමකට පත් වූ පිරිසක් වූහ. කාර්මික ධනවාදයකට වඩා වතු වගාවට සහ ඉඩම් අත්පත් කර ගැනීමට දැක්වූ කෑදරකම නිසා රදළවාදී බැඳීම් නිර්මාණය කරගත් පසුගාමී සමාජ කණ්ඩායමක රංචු ගැසීමකි. මෙවැනි පසුබිමක් මත නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය ලෝක පරිමාණයෙන් අද උද්ගතවී ඇති ආර්ථික කුණාටුව තේරුම් ගෙන ඊට අනුරූපී ව තමන්ගේ සමාජ පංගුව ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. Treasure Republic Guardians Limited සමාගම මේ වෙන්දේසියේ දමා විකුණා දැමීමට සූදානම් වන නව යටත්විජිත ශ්‍රී ලංකා රාජ්‍යයේ ආයතන මිලදී ගැනීම අරමුණු කොට ගන්නේ ශ්‍රී ලංකාවේ නව යටත් විජිත ධනේශ්වරයට ඉටුකරගැනීමට නොහැකි වූ රටක සහ ජාතියක ජාතික පරමාර්ථ වර්ධනය කොට පොදු ජාතික කර්තව්‍යයකට යොමු කිරීමටයි. පොදු ජාතික උවමනාවකට ජාතිය පෙළගැස්වීමටයි. දේශීය ව්‍යවසායකයින්ගෙන් මගහැරී ගිය ජාතික වගකීම් අලුත් ආකාරයකින් ඉටු කර ගැනීමටයි. අපේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය රාජ්‍ය ව්‍යවසාය මහජනයා හා එක්ව පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය හා හවුල්කාරීත්වය නිර්මාණය කිරීමයි.

මිනිසාගේ නීච ආශාවන් කුළු ගැන්වූ වැඩි වැඩියෙන් පුද්ගලික ධනය ගොඩ ගැසීමට යටත් යටත් විජිතවාදීන් අපට ඉගැන්වූ පුද්ගලික ධනය රැස් කිරීම වෙනුවට රැස්කිරීම වෙනුවට සමාජය හා සමාජමය ධනය පෝෂණය කිරීමට ලාංකීය සමාජය හුරු කිරීමට දායක වෙමු. ඒ සඳහා උනන්දු වෙමු. හැකියාව අනුව හැමෝගෙන්ම, උවමනාව අනුව හැමෝටම යන සංකල්පයට සියලු දෙනා ගොනු කරමු. මහජනතාව තුළ සැබෑ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදයත් අයිතිය සහ වරප්‍රසාද වල සමානාත්මතාවයත් නිර්මාණය කරමු. මේවාට අපේම දැනුම හා බුද්ධිය අත්හදා බැලීම් එකතු කරමු. සිහි විකල්ලෙන් ඉන්නා ජාතියට අලුතින් සිතන්නට පුරුදු කරමු. මේවා මීළඟ උසස් ලාංකික සමාජයක පෙර ලකුණු ය. ඊට ධෛර්යමත්ව පෙළගැසෙමු.

TREASURE REPUBLIC GUARDIANS LIMITED අපි ගැන
අපේ අරමුණ ජාතික ධනේශ්වර රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය ධනපති නිෂ්පාදන මාදිලියක් සහ ජාතික ධනපති පන්තියක් නිර්මාණය කිරීමයි. ඊට අවශ්‍ය මූලික මග පෙන්වීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට අවශ්‍ය කරන ගාමක බලවේගය සැපයීම සහ ආනුශංගික ආධාර සහ අනුබල ලබා දීම.
OUR LOCATIONSWhere to find us
i/footer-map-2.png
GET IN TOUCHSocial links
ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.
TREASURE REPUBLIC GUARDIANS LIMITEDඅපි ගැන
OUR LOCATIONSWhere to find us
i/img-footer-map.png
GET IN TOUCHSocial links